HTML හැඳින්වීම. (HYPER TEXT MARKUP LANGUAGE)
HTML යනු වෙබ් අඩවි නිර්මාණයේදී හා වෙබ් පිටු නිර්මානයේදී වෙබ් පිටු සකස් කිරීම සඳහා භාවිතා කරනු ලබන සලකුණු කිරීමේ කේතයකි.
මෙය Markup Language එකකි.
HTML පරිඝනක භාෂාවක් නොවන අතර web publishing සඳහා භාවිතා කරයි.එමෙන්ම සලකුණු කිරීමේ Tag (markup Tags) භාවිතා වේ.
මෙම HTML වල නවතම සංස්කරණය HTML 5 වේ.
එත් අපිට වෙබ් පිටුව දර්ශනය වන විට මෙම tags දර්ශනය නොවේ.
සාමාන්‍යයෙන් HTML කේතකරනයේදී Text Editor නැත්නම් පෙළ සංස්කාරකයක් භාවිතා
කරයි.
උදාහරණයක් ලෙස notepad, notepad++, sublime .
HTML කේතකරනය (HTML Cordings)
මුලින්ම අපි HTML Coding පටන් ගන්න කොට මෙම tags සලකුණු කිරීමේදී < > වරහන් භාවිතා කරන අතර බොහෝ ටැග්ස් වලට closing tags (</>) ඇත.
නමුත් හැම tag එකටම මෙම closing tags නැත.එමෙන්ම අපි මෙම html ගොනුව save කරන විට .html හෝ .htm යන file extension භාවිත කරයි.
ඒ වගේම මෙම tags ,case sensitive නැත.ඒ කියන්නේ capital simple ගැටළුවක් නැත.
ඒ වගේම Tags සැලකු විට මේවා කොටස් තුනකින් යුක්තය.
An Element - tag එකකින් දෙනු ලබන ප්‍රධාන උපදේශයයි.
උදා:- <title> ,<font>
An Attribute - මෙහිදී මෙම ටැගයේ ගුණාත්මක බව හා අංගයන් ඉදිරිපත් කරනු ලබයි.
උදා:- <div> මෙයට attribute (ගුණාංග) කිහිපයක් ඇත.
A Value- අදාළ Tag එකේ ගුණාත්මක බව ලෙස යම් අගයක් ඉදිරිපත් කරනු ලබයි.
උදා:- <div align=”center”>
(නමුත් සමහර html tags වලට attributes හා values support නොකරයි.)
මීළඟ tutorial එක නැරඹීමට next මත click කරන්න.
0 comments:
Post a Comment