Java Script හැඳින්වීම.
Java Script ඉගෙනගනිමු.
Java Script ඉගෙන ගැනීමට නම් අපිට HTML දැනුම අනිවාර්යයෙන් තිබිය යුතුමයි.
ඇයි මේ Java Script වෙබ් පිටුවකට අවශ්‍ය වෙන්නේ,
අපි කලින් ඉගෙන ගත්ත HTML, CSS වගේ Language වලින් සිදු කල හැක්කේ Publishing විතරයි.ඒ කියන්නේ වෙබ් පිටුව ප්‍රදර්ශනය කිරීම පමණයි.
නමුත් Java Script වලින් ගණිතමය හා තාර්කික කටයුතු සිදු කිරීම කල හැකිය.
මුලින්ම අපි බලමු කොහොමද Java Script එකක් HTML Document එකක් සමග සම්බන්ධ කර ගන්නේ කියලා.
මේ සඳහා HTML වල <script > tag එක පාවිච්චි කරනවා.
java script එකක් HTML Document එකකට සම්බන්ධ කර ගන්න <script> tag එක යොදා ගන්නවා.මෙයට closing ටැග් එකක් ඇත.
අපේ java script coding සිදු කර ගන්නේ මේ <script> tag තුල වේ.
<script type="text/javascript">
උදා:-
<html>
<title>Java Script</title>
<body>
<script type="text/javascript">
</script>
</body>
</html>
Java script වල විශේෂතා.
මෙය object oriented language එකකි.
Case sensitive language එකකි.
java පරිගණක භාෂාවට ගොඩාක් දුරට සමාන නමුත් මෙය web developing language එකකි.
java script මගින් අපේ වෙබ් පිටුවේ සිදුවන සියලුම ගණිතමය හා තාර්කික කටයුතු සිදු කර ගත හැක.
වෙබ් පිටුවේ ඕනෑම ස්ථානයක යොදා ගත හැක.
වෙබ් පිටුව වඩාත් අර්ථවත් කර ගත හැක.
අපි මීළඟ tutorial එකෙන් බලමු කොහොමද java script වලින් වැඩ කරන්නේ කියලා.
0 comments:
Post a Comment